ඇමති දිනේෂ් අද මානව හිමිකම් සැසිය අමතයි

Share

මෙරට වේලාවෙන් අද(23) රාත්‍රීයේ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය ඇමතීමට නියමිතව තිබේ.

 

මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචලේ බැචලෙට් මහත්මිය විසින් ශ්‍රී ලංකාව පිළිබඳව සකස් කළ වාර්තාව සාකච්ඡාවට ගැනීමට නියමිතව ඇත්තේ 24 වැනි බදාදා වන අතර එහිදී එක්සත් රාජධානිය ප්‍රමුඛ මධ්‍ය කණ්ඩායම විසින් ශ්‍රී ලංකාවට එරෙහිව සකස් කළ නව යෝජනාවලියක් ද ඉදිරිපත් කිරීමට නියමිතයි.

එම මධ්‍යගත කණ්ඩායම නියෝජනය කරන සෙසු රටවල් වන්නේ කැනඩාව, ජර්මනිය, මොන්ටිනිග්‍රෝ , උතුරු මැසිඩෝනියා සහ මලාවි යන රටවල් ය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය රටවල් 47 ක සහභාගිත්වයෙන් ඊයේ ස්විට්සර්ලන්තයේ ජීනීවා නුවරදී ආරම්භ විය.

මෙවර සමුළුව පැවැත්වුණේ අන්තර්ජාලය ඔස්සේ.

Read more

Local News