පොලිස් විශේෂ කාර්ය බළකායේ යැයි පවසා නිවසක් කොල්ලකයි

Share

ඊයේ (23) දිනයේ උදෑසන නිවසකට ඇතුළු වී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් බව පවසමින් එම නිවසේ මුදල් සහ භාණ්ඩ කොල්ලකා තිබෙන බව වාර්තා වෙයි.

 

බියගම පොලිස් වසමේ නිවසක් මෙසේ කොල්ලකෑමට ලක් වී ඇති අතර රුපියල් 58,000ක මුදලක් සහ ජංගම දුරකථන 4ක් මෙම පිරිස විසින් කොල්ලකා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.

අදාල කණ්ඩායම සිවිල් ඇඳුමින් අදාළ නිවසට ඇතුළු වී තිබූ බවත් මේ වන විට සිද්ධිය සමිබන්ධයෙන් සැකකරුවන් 5ක් අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වෙයි.

පොලිස් නිලධාරීන් හෝ විමර්ශන නිලධාරීන් ලෙස පවසා නිවෙස් කොල්ලකෑම මේ වනවිට අපරාධකරුවන් ප්‍රවණතාවයක් කරගෙන ඇති බවට හඳුනාගෙන ඇති බවද අජිත් රෝහණ මහතා පැවසීය.

මේ පිළිබද ජනතාවට සැළකිලිමත් වන්නැයි අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සදහන් කළේය.

Read more

Local News