ඊයේ කොවිඩ් රෝගීන් වාර්තා වූ ප්‍රදේශ

Share

අද උදෑසන වන විට මෙරටින් කොරෝනා රෝගීන් 492ක් හඳුනාගෙන ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

 

එම ආසාදිතයින් සියලුදෙනා හඳුනා ගෙන ඇත්තේ, දේශීයව වන අතර වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

එම සංඛ්‍යාව 103 කි.

මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 88 ක් සහ අම්පාර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 53 ක් ද අනෙක් ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි.

පසුගිය පැය 24 තුළ රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ පුද්ගලයින් 732 ක් පූර්ණ සුවය ලබා පිටව යාමත් සමග සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 81,009 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පසුගිය පැය 24 තුළ මෙරටින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 3 දෙනෙකු මියගොස් ඇති අතර එම මරණ වාර්තා වී ඇත්තේ, නුවරඑළිය, වලපනේ සහ වත්තල යන ප්‍රදේශවලිනි.

මේ වනවිට මෙරටින් වාර්තා වන කොවිඩ් – 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 453 කි.

නිරෝධායන මධ්‍යස්ථාන 94 ක් තුළ පුද්ගලයින් 9,562 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ දිනය තුළ සිදු කර ඇති PCR පරික්‍ෂණ සංඛ්‍යාව 11,222කි.

 

 

 

Read more

Local News