ජනපති හා පාකිස්තාන අගමැති හමුව : කෘෂි, වෙළද, සංචාරක සහ තාක්ෂණ ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය

Share

පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා සහ මෙරට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් අද පැවතිණි.

 

එහිදි කෘෂි, වෙළද, සංචාරක සහ තාක්ෂණ ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු කර තිබෙන බව රජයේ ප්‍රෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

මේ අතර දිවයිනට පැමිණ සිටින පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවීමෙන් අනතුරුව කොළඹ දී වෙළෙද හා ආයෝජන සමුළුවකට එක්වීමට ද නියමිතය.

පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුව ඊයේ (23) අරලිය ගහ මන්දිරයේ දී පැවැත්විය.

එම  සාකච්ඡාවෙන් අනතුරුව දෙරට අතර ගිවිසුම්  5කට ද අත්සන් තැබීය.

මෙහිදී සංචාරක සහයෝගීතාව පිළිබද අවබෝධතා ගිවිසුමටයි මුලින්ම අත්සන් තැබීය.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා කතානායකවරයා සහ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පිළිගන්වනු ලබන දිවා භෝජන සංග්‍රහයකට ද අද දිනයේදී එක්වීමට නියමිතයි.

පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා නාවල කිරිමණ්ඩල මාවතේ ඉහළ ප්‍රමිතියෙන් යුත් ක්‍රීඩා මධ්‍යස්තානයක් විවෘත කිරීම පිළිබදව සාකච්ඡාවකට එක්වීමට නියමිතය.

පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සිය ශ්‍රී ලංකා සංචාරය අවසන් කර අද  පස්වරු 3.00ට දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත

අදාල නිවේදනය පහතින්

No photo description available.

Read more

Local News