මානසික රෝග ඖෂධ වලින් සිදු නොවන දේ මනෝ වෛද්‍යවරුන්ගේ සංගමය කියයි

Share

මහර බන්ධනාගාර සිදුවිම හා මානසික රෝග ප්‍රතිකාර වෙනුවෙන් භාවිත කරන ඖෂධ පිලිබද ශ්‍රී ලංකා මනෝ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් කර තිබේ.

 

මානසික රෝග ප්‍රතිකාර වෙනුවෙන් භාවිත කරන ඖෂධවලින් කිසිදු කලහකාරී හැසිරීමක් ඇති නොවන බව ශ්‍රී ලංකා මනෝ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

මහර බන්ධනාගාරයේ සිදුවූ කලහකාරී හැසිරීමට හේතුව මානසික රෝගවලට ප්‍රතිකාර කරන ඖෂධ එම රැඳවියන් විසින් භාවිත කිරීම බවට ප්‍රකාශ කිරීම වැරදි ආකල්පයක් ඇති කිරීමක් බව එම සංගමය පෙන්වා දී තිබේ.

අදාළ ප්‍රකාශය ජනතාව තුළ මානසික රෝග හා ඒ සම්බන්ධ ප්‍රතිකාර පිළිබඳව වැරදි මතයක් ඇති කරන බව ශ්‍රී ලංකා මනෝ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

Read more

Local News