උත්සව සමයේ ජනතාවට විශේෂ උපදෙස් මාලාවක්

Share

රට තුළ කොවිඩ් 19 වෙෙරසය ව්‍යාප්තවීමේ වැඩ් අවධානමක් තිබෙන මෙම නත්තල් හා උත්සව කාලසීමාව තුළ රෝග ව්‍යාප්තිය වළක්වා ගැනීම සදහා අායතනික මට්ටමින් හා ජනතාවගේ උපරිම දායකත්වය ලබාදෙන මෙන් සෞඛ්‍ය අමාත්‍යංශය ඉල්ලීමක් කර තිබේ.

 

ඒ අනුව උත්සව සමය සැලකිල්ලට ගෙන ජනතාව අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් දැනුම් දී තිබේ.

  1. මෙවර නත්තල් සමයේ / උත්සව සමයේ සාප්පු සවාරි සීමා කරන ලෙසත්
  2. අවශ්‍ය භාණ්ඩ මිළට ගැනීමට යන විට පවුලේ ඒක් අයෙකු පමණක් යන ලෙසත්
  3. හැකි සෑම විටම ඔබට අවශ්‍ය භාණ්ඩ නිවස අසලම තිබෙන වෙළද සැලෙන් පිරිස අඩුවෙන් ඉන්නා විට ගොස් ලබා ගන්නා ලෙසත්
  4. පිරිස ඒකරාශි වන ප්‍රිය සම්භාෂණ වෙනදා මෙන් මේ උත්සව සමයේ සංවිධානය කිරිමෙන් වළකින ලෙසත් නිසි පුද්ගල දුරස්ථභාවය  පවත්වා ගනිම්න් සුබපතන ලෙසත්
  5. බෝ නොවන නිදන්ගත දිගුකල් පවත්නා රෝග පවතින අය හා වයස්ගත උදවිය වෙෙරසයට නිරාවරණය විම වැළැක්විමට කටයුතු කරන ලෙසත්
  6. භාණ්ඩ මිලට ගැනිමේදි පෝලිම්වල සිටිනා විට පරතරය පවත්වන ලෙසත් ඔබ අසල කිසිවෙකු හෝ පරතරය නොපවත්වා සිටින විට දැනුවත් කරන ලෙසත්
  7. ඔන්ලයින් පහසුකම් තිබේ නම් ඒමගින් භාණ්ඩ ලබා ගන්නා ලෙසත්
  8. විනෝද චාරිතා හා නෑගම් නොයන ලෙසත්
  9. නිවසින් පිටතට යන සෑම විටම නිසි පරිදි මුව වැසුම් පැළදීම හා පුද්ගලයින් අතර පරතරය පවත්වා ගැනීම දෑත් සේදීම වැනි සුපුරුදු සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කළ යුතු බවත්
  10. නත්තලේ සතුට සැමරීමට අන් අය මුණ ගැසී සිප වැළදගැනීම් වලින් වළකින ලෙසත් සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දී තිබේ.

Read more

Local News