සුරාබදු දෙපාර්තමේන්තුවේ පරීක්ෂකවරුන් පිරිසකට උසස්වීම්

Share

සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසකට උසස්වීම් ලබා දී තිබේ.

 

ඒ අනුව සුරාබදු පරීක්ෂකවරුන් සහ ප්‍රධාන සුරාබදු පරීක්ෂකවරුන් 12ක් සුරාබදු අධිකාරී වරුන් ලෙස උසස්වීම් ලබා තිබෙන අතර ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික ශ්‍රේණියේ තනතුරු ආරම්භ වන සුරාබදු අධිකාරී තනතුරට උසස් කිරීම සඳහා වන තරඟ විභාගයේ ප්‍රතිඵල මත මෙම උසස්වීම් ලබා දී ඇත.

2020.12.03 දින සිට ක්‍රියාත්මක වන පරිදි සුරාබදු අධිකාරී තනතුරට ප්‍රධාන සුරාබදු පරීක්ෂකවරුන් සහ සුරාබදු පරීක්ෂකවරුන් 12 දෙනෙකු රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය මත උසස් කොට තිබේ.

Read more

Local News