අමෙරිකාවේ කොවිඩ් එන්නත ලබාදීම අද අරඹයි

Share

අමෙරිකානු ජනතාවට ෆයිසර් එන්නත් ලබාදීමේ වැඩසටහන අද ආරම්භ කිරිමට නියම්ත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

ඒ අනුව එන්නත් මාත්‍රා මිලියන 03ක් ප්‍රථම අදියර යටතේ ලබාදීමට නියමිත බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

එහෙත්, එන්නත් ලබා ගැනීමෙන් අනතුරුව වුවද, පෙර පරිදි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතු බව අමෙරිකාවේ රෝග පාලනය හා වැළැක්වීමේ ආයතනය ජනතාවට දැනුම් දී තිබේ.

ඊට හේතු වී ඇත්තේ, එන්නත ලබාදීමෙන් පසු ඇතැම් පුද්ගලයන්ගෙන් මතු වන සංකූලතා තත්ත්වය නිසාය.

Read more

Local News