අන්තිමේදී රටම ලොක්ඩවුන් කරන්න වෙයි : වෛද්‍ය හරිත අලුත්ගේ

Share

ජනතාව නිසි ලෙස සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකළහොත් රටම ලොක්ඩවුන් කරන මට්ටමට යාමට සිදු වනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සදහන් කළේය.

 

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ

“මරණ වලින් සැලකිය යුතු ප්‍රමාණයක් සිදු වෙලා තියෙන්නේ කොළඹ මහ නගර සභා සීමාව ඇතුලේ. ඒ නිසා මේ ජනාකීර්ණ ප්‍රදේශ වල මරණ සිදුවෙන්න වැඩි ඉඩකඩක් නිර්මාණය වෙලා තියෙනවා.

ජන ගණත්වය වැඩියෙන් තියන ගම් වල බණ්ඩාරගම , බුලත්සිංහල සමහර ගම්මාන , මොනරාගල අළුපත , මහනුවර දිස්ත්‍රික්කයේ සමහර ප්‍රදේශ තියනවා. මේ ප්‍රදේශ හරහා මරණ රැල්ලක් නිර්මාණය වීමේ අවධානමක් තියෙනවා.

ඔක්තෝම්බර් මුල සතියෙන් පටන් ගත්ත අලුත් රැල්ල මේ වෙන කොට 31.000 සීමාව පසුකරලා තියනවා.

අන්තිමේදී රටම ලොක්ඩවුන් කරන මට්ටමට යන්න වෙයි ජනතාව හරියට හැසිරුණේ නැත්නම්”

බලධාරින් විසින් මේ වන විට ගත යුතු ක්‍රියාමාරග මේ වෙලාවේදී ගත යුතු බවත් ඒ මහතා මාධ්‍ය හමුවේ පැවසීය.

Read more

Local News