නයිජීරියාවේ පාසලකින් පැහැරගත් දරුවන්ගෙන් 344ක් නිදහස් කෙරේ

Share

නයිජීරියාවේ කට්සිනා ප්‍රාන්තයේ පාසලකින් පැහැරගනු ලැබූ දරුවන්ගෙන් 344 දෙනකු නිදහස්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

කස්ටිනා ප්‍රාන්තයේ ආණ්ඩුකාර කාර්යාලය පවසන්නේ නිදහස් කළ දරුවන් සියලුදෙනා සුවයෙන් පසුවන බවයි.

ඔවුන් කස්ටිනා නගරය වෙත රැගෙන යන බවද පසුව දෙමාපියන් වෙත බාරදෙන බවද ආණ්ඩුකාර කාර්යාලයේ ප්‍රකාශක අබ්දුල් ලබරන් මහතා පවසයි. දරුවන් කිසිවකු ඝාතනය කර ඇති බවට වාර්තාවී නොමැති බවද ඔහු සඳහන් කරයි.

කෙසේවුවද විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ දරුවන් පිරිසක් තවදුරටත් අත්අඩංගුවේ පසුවන බවයි. මේ සම්බන්ධව අදහස් දක්වමින් කට්සිනා ආණ්ඩුකාර අමිනු බෙලෝ මහතා, “පැහැරගත් දරුවන්ගෙන් වැඩිදෙනකු නැවත පැමිණ තිබෙනවා. නමුත් සියලු දෙනාම පැමිණ නැහැ,” යනුවෙන් පවසා ඇත.

දරුවන් පැහැරගත්තේ කවුරුන් විසින් ද යන්න මුලින් අනාවරණය නොවූ නමුත් ඉස්ලම් සටන්කාමී කණ්ඩායමක් වන බෝකෝහරාමි විසින් දරුවන් පැහැරගනු ලැබූ බව පසුව නිකුත් කළ වීඩියෝ දර්ශනයකින් පැහැදිලි වූ බව කට්සිනා බලධාරීහු සදහන් කරයි.

කට්සිනා ප්‍රාන්තයේ කන්කාරා නගරයේ පිහිටි මෙම නේවාසික පාසලට පසුගිය සිකුරාදා කඩා වැදුණු තුවක්කුකරුවන් පිරිසක් විසින් දරුවන් පැහැරගනු ලැබිණ.

Read more

Local News