ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ද. අප්‍රිකානු ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොරෝනා

Share

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ දකුණු අප්‍රිකානු සංචිතයේ ක්‍රීඩකයින් දෙදෙනෙක්ට කොරෝනා වෙෙරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

ඒ අනුව එම ක්‍රීඩකයින් දෙදෙනාව වහාම සංචිතයෙන් ඉවත් කර, සෙසු ක්‍රීඩකයන් අද (20) සිට විශේෂ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයකට යටත්ව පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිතය.

මේ අතර දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පසුගිය (18) වැනිදා පිටත්ව ගියේය.

දකුණු අප්‍රිකානු සහ එංගලන්ත තරගාවලි සඳහා සහභාගි වන දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයින් 22 දෙනෙක් ඇතුළත්ය වන අතර තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලිය දෙසැම්බර් 26 වැනිදා දකුණු අප්‍රිකාවේ දී ආරම්භ වීමට නියමිතය.

Read more

Local News