මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 37,631 දක්වා ඉහළට

Share

ඊයේ (21) දිනය තුළ මෙරටින් වාර්තා වූ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 364 දෙනා සමග සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 37,631 දක්වා ඉහළ ගොස් තිබේ.

 

මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 8773 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

දිවුලපිටිය-පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 33,736 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙරට සුවය ලබා ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 28,682ක් වේ.

අද (22) වාර්තා වූ මරණ 5 සමඟ මෙරට තුළ සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 181කි.

Read more

Local News