අගමැතිතුමා,මිරිසවැටිය විහාරාධිකාරි ඊතල් වැටුනවැවේ ඥාණරතන හිමියන් බැහැදකී

Share

ඊයේ(21) දිනයේ මිරිසවැටිය විහාරාධිකාරි පූජ්‍ය ඊතල් වැටුනවැවේ ඥාණරතන හිමියන් බැහැ දුටු අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මහතා උන්වහන්සේගේ සුව දුක් විමසා බැලුවේය.

 

එළැඹෙන වසරේ ක්‍රියාත්මක රජයේ ඉදිරි ශාසනික හා සමාජයීය කටයුතු මෙන්ම කොවිඩ්-19 වසංගතය හමුවේ ජන ජීවිතය නගා සිටුවීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යතුමා මෙහිදී මිරිසවැටිය විහාරාධිකාරි ඥාණරතන හිමියන් දැනුවත් කළේය.

ධර්මානුකූල පිළිවෙත් පිළිබඳව අනුශාසනා කළ විහාරාධිකාරි ඥාණරතන හිමියෝ අග්‍රාමාත්‍යතුමාට  ආශිර්වාද එක් කළහ.

මෙම අවස්ථාව සඳහා අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන, රාජ්‍ය අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, ෂෙහාන් සේමසිංහ, චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී.එස්.කුමාරසිරි, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, උතුරු මැද පළාත් හිටපු මහ ඇමති එස්.එම්.රංජිත්, අනුරාධපුර නගරාධිපති එච්.පී.සෝමදාස, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ආමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහත්වරු ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

Read more

Local News