ප්ලාස්ටික් වර්ග හයක් තහනම් කිරීමට පියවර ගනී

Share

දිරාපත් නොවන ප්ලාස්ටික් වර්ග 06ක් තහනම් කිරීමට පියවර ගෙන ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

 

ෂැශේ පැකට්, කෘමිනාශක යොදන ප්ලාස්ටික් බෝතල්, සෙල්ලම් භාණ්ඩ වර්ගයක් ඇතුළු වර්ග 06ක් තහනම් කිරීමට අනුමැතිය ලැබිලා තිබෙන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

එම ප්ලාස්ටික් වර්ග තහනම් කිරීමට අදාළ ගැසට් නිවේදනය මුද්‍රණය කිරීම සඳහා අනුමැතිය ලබාගැනීමට එහි තොරතුරු මේ වනවිට නීතිපතිවරයා වෙත යොමුකිරීමට කටයුතු කරඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

Read more

Local News