ඊයේ කොවිඩ් ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ

Share

ඊයේ (25) දිනය තුළ අලුතින් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 551 දෙනෙකු හඳුනාගත් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

 

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ආශ්‍රිතව ආසාදිතයන් 541 දෙනෙකු සහ බන්ධනාගාර ආශ්‍රිත කොවිඩ් පොකුරෙන් ආසාදිතයන් 10 දෙනෙකු ඊයේ වාර්තා වූ ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 300කි.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 17,086 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් 52ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 37ක් ද ඊයේ නව ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබුණි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 39,782ක් වෙයි.

කොවිඩ් ආසාදිතයින් 8,258 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

කොවිඩ් ආසාදිතව මියගිය සංඛ්‍යාව 186 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් – 52ක්
කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් – 37 ක්
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් – 28ක්
රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින්- 27ක්
මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින්- 16 ක්
ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් – 12ක්
මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින්- 13ක්

Read more

Local News