පැනගිය කොවිඩ් රෝගීයකු සෙවීමට පොලීසිය මහජන සහය පතයි

Share

කොරෝනා ආසාදිතයෙකු නිවසින් පළා ගොස් තිබේ.

 

පළාගිය කොරෝනා ආසාදිතයා සොයා ගැනීමට පොලිසිය මහජන සහය පතන අතර කොවිඩ් 19 වෛරසය සම්බන්ධයෙන් සිදු කළ PCR පරීක්ෂණවලින් අනතුරුව එහි ප්‍රතිඵල ලැබෙන තෙක් මෙම තරුණයා නිවසේ නිරෝධායනයට ලක්කර සිටි බව පොලිසිය සඳහන් කළේය.

ඔහු කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගැනීමෙන් පසු නිවසින් පළාගොස් තිබේ.

අදාල රෝගීයා මාකොල උතුර, දේවාල පාර ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි සැකකරු නිමේෂ් මධුශංක නම් පුද්ගලයෙකි.

ඔහු සම්බන්ධයෙන් තොරතුරක් ඇත්නම් ළගම පොලිස් ස්ථානයට හෝ 071 8591599 / 0112400315 අංක ඔස්සේ සපුගස්කන්ද පොලිසියේ ස්ථානාධිපතිවරයාට හෝ පොලිස් හදිසි ඇමතුම් අංශයේ 0112433333 හෝ 119 අංකවලට දැනුම්දෙන ලෙසටයි පොලිසිය ඉල්ලා සිටි..

මෙම තරුණයා මත්කුඩුවලට ඇබ්බැහි වූ අයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේය.

Read more

Local News