තවදුරටත් හුදකලා තත්ත්වය පවත්නා ප්‍රදේශ

Share

රටපුරා පවත්නා කොරෝනා තත්ත්වය සැළකිල්ලට ගනිම්න් යම් යම් ප්‍රදේශ පසුගිය දවස් කිහිපය තුළ හුදකලා කරනු ලැබිය.

 

මේ අතර පොලිස් බල ප්‍රදේශ 9ක් තවදුරටත් හුදකලා තත්ත්වයේ පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.

ඒ අනුව කොළඹ නගරයේ මාලිගාවත්ත, අඳුරුප්පු වීදිය ,කොටෙහේන, දෙමටගොඩ, ග්‍රෑන්ඩ්පාස් සහ මෝදර යන පොලිස් බල ප්‍ර‌දේශ 6 මේ වනවිට හුදකලා කර තිබේ.

ඊට අමතරව හුදකලා කර ඇති සෙසු පොලිස් බල ප්‍රදේශ තුන වන්නේ, අවිස්සාවේල්ල, රුවන්වැල්ල හා කොස්ගමයි

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, කිසිවෙකුට අදාළ ප්‍රදේශවලින් පිටතට යාම එම ප්‍රදේශවලට ඇතුළුවීම සම්පූර්ණයෙන් තහනම් බවයි.

මීට අමතරව තවත් ග්‍රාමසේවා වසම් , වීදි, මංමාවත් හා මහල් නිවාස ද හුදකලා තත්ත්වයේ පවතී.

කෙසෙල්වත්ත පොලිස් වසමේ අලුත්කඩේ බටහිර සහ නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම් අද අලුයම 5 සිට හුදෙකලා කෙරිණ.

මේ අතර රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ සහ ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ග්‍රාම නිලධාරී වසම් 10 ක් ද ඊයේ සිට හුදෙකලා කෙරිණ.

ඒ අනුව ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හුදෙකලා කළ ප්‍රදේශ වන්නේ,
*මින්නාන
*විලේගොඩ
*යකුදාගොඩ
*අස්ගඟුල සහ
*බෝපත්ත

ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ
*රක්වාන නගරය
*රක්වාන උතුර
*රක්වාන දකුණ
*මස්ඉඹුල සහ
*කොට්ටල
යන ග්‍රාම නිලධාරී වසම් හුදෙකලා කෙරිණ.

මේ අතර කොම්පඤ්ඤවීදිය, වෑකන්ද, හුණුපිටිය, වැල්ලම්පිටිය ලක්සඳ සෙවන සහ වැල්ලවත්ත මයුර පෙදෙස අද අලුයම 5 සිට හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කර තිබේ.

Read more

Local News