විදේශිය පුහුණුව සඳහා විදුහල්පතිවරුන් 30කට ගුවන් ටිකට්පත් අධ්‍යාපන අැමති ප්‍රධානත්වයෙන්

Share

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III වන ශ්‍රේණියේ නිලධාරීන් 30 දෙනෙකු විදෙස් පුහුණුව සඳහා අද (21) දිනයේ දී මැලේසියාව සහ සිංගප්පූරුව බලා පිටත් වීමට නියමිතයි. එම විදෙස් පුහුණු සංචාරවලට අදාළ ගුවන් ටිකට් පත් පිරිනැමීම ඊයේ (20) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.

මෙම වැඩසටහන යටතේ පසුගිය වසරේ දී දිවයිනේ සියලු පළාත් නියෝජනය වන පරිදි විදුහල්පතිවරුන් 226 දෙනෙකු විදේශීය පුහුණුව ලබා ඇති අතර මේ වසරේ විදේශීය පුහුණු සංචාර සඳහා සහභාගී වන ප්‍රථම කණ්ඩායම මෙයයි.

මෙලෙස ජාත්‍යන්තර පුහුණුව ලත් විදුහල්පතිවරුන්ගේ දැනුම හා අත්දැකීම් ඉවහල් කරගනිමින් මෙරට පාසල් පද්ධතිය නගා සිටුවීම අධ්‍යාපන අමාත්‍යාංශයේ මූලික අභිප්‍රායයි.

Read more

Local News