දකුණු ආසියාවේ විශාලතම ටයර් කර්මාන්ත ශාලාව ජනපති අතින් විවෘත කෙරේ

Share

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හොරණදී ඊයේ (14) පස්වරුවේ විවෘත කෙරිණි.හොරණ වගවත්ත ආයෝජන මණ්ඩල කාර්මික කලාපයට අයත් අක්කර 155ක භූමියක කර්මාන්ත පරිශ්‍රය ස්ථාපනය කර තිබෙන අතර මෙම කර්මාන්ත ශාලාවේ පළමු අදියර සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 100 ක් ආයෝජනය කර තිබේ.

 

යුරෝපා තාක්ෂණය සහිත ලොව නවීනතම යන්ත්‍රෝපකරණ භාවිතයෙන් නිෂ්පාදන සිදු කරන අතර SUV රථ සඳහා විශේෂ කාණ්ඩයක්, මෝටර් රථ, යතුරු පැදි, ත්‍රී රෝද ඇත‍ෙළු ලෝක ‌ෙවළෙඳපොළට අවශ්‍ය ටයර් වර්ග රැසක් මෙහි නිපදවනු ලැබේ.

මෙහි නිෂ්පාදනයෙන් 80%ක් අපනයනය කෙරෙන අතර ඉතිරි 20% දේශීය වෙළෙඳපොළට සැපයේ. සමාගමේ ප්‍රථම නිෂ්පාදන තොගය මේ මස අමෙරිකාවට අපනයනය කිරීමට නියමිත ය.

මෙරට අපනයන වෙළෙඳපොළ ප්‍රවර්ධනය, සෘජු හා වක්‍ර රැකියා විශාල ප්‍රමාණයක් උත්පාදනය සහ දේශීය රබර් වගාකරුවන්ට ඉහළ මිලක් හිමිවීම කර්මාන්ත ශාලාවෙන් හිමිවන ප්‍රතිලාභ අතර වේ.

නිෂ්පාදන ක්ෂේත්‍රයේ පැවති සම්මත සීමාවන් අභිබවා යමින් තාක්ෂණික අංශවල තනතුරු සඳහා නිසි සුදුසුකම් සපිරි කාන්තාවන් බඳවා ගැනීමට ද ආයතන කළමනාකාරිත්වය පියවර ගෙන තිබෙන අතර කර්මාන්ත ශාලාව පරිසර හිතකාමී ලෙස ඉදිකිරීම ද මෙහි ඇති විශේෂත්වයකි.

උත්සව භූමියට පැමිණි ජනාධිපතිවරයා ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන් (පුද්) සමාගමේ සභාපති නන්දන ලොකුවිතාන මහතා පිළිගැනීමෙන් අනතුරුව සමරු ඵලකය නිරාවරණය කළ ජනාධිපතිවරයා ටයර් නිෂ්පාදනායතනයේ සමස්ත ක්‍රියාවලිය නිරීක්ෂණය කෙළේය.

පසුගිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 200ක් ලබාගත් ඉංගිරිය සුමනජෝති විද්‍යාලයේ දෙව්මි යසස්මි දියණියට තිළිණයක් පිළිගැන්වීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, ශ්‍රී කල්‍යානි සාමාග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහ නායක අති පුජ්‍ය ඉත්තෑපානේ ශ්‍රී ධම්මාලංකාර ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය, ඇමැතිවරුන් වන විමල් වීරවංශ, රෝහිත අබේගුණවර්ධන, මහින්ද අමරවීර, රමේෂ් පතිරණ, රාජ්‍ය ඇමැතිවරුන් වන පියල් නිශාන්ත, කනක හේරත්, ඩී.වී. චානක, පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න යන මහත්වරු සහ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

No photo description available.

 

Read more

Local News