ලබන 25 වැනිදා සිට උපකාරක පන්ති සදහා අවසර

Share

රටතුළ පවත්නා කොරෝනා වෙෙරස තත්ත්වය හේතුවෙන් නවතා දැමු උපකාරක පන්ති බස්නාහිර හා හුදකලා ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල ලබන 25 වැනිදා සිට පැවැත්වීමට අවසර ලබා දී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කළේය.

 

මේ සදහා අදාළ චක්‍රලේඛනය පසුගිය(15) වැනිදා නිකුත් කළ බවත්, ජනවාරි මස 25 වැනි දා සිට උපකාරක පන්ති පැවැත්වීමට අවසර ලබා දී ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා ඊයේ (16) ප්‍රකාශ කළේ ය.

ඒ අනුව ,

1. උපකාරක පංතියට සහභාගී කර ගත හැක්කේ, ඉද ගැනීමට තිබෙන පුටු ප්‍රමාණයෙන් 50% ක් සහ උපරිම
සංඛ්‍යාව ළමුන් 100ක් දක්වා පමණි.

2. ආරම්භ කළ හැක්කේ, අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ පන්ති පමණි.

3. උපකාරක පන්ති සඳහා දිස්ත්‍රික්ක හරහා පැමිණීමට අවසර නොමැත .

4. අදාළ දිස්ත්‍රික්කය ඇතුළත ළමුන්ට හා ගුරුවරුන්ට උපකාරක පන්ති පවත්වාගෙන යා හැකිය.

අදාල සෞඛ්‍ය නීති රීතින් පිළිපැදිය යුතු බවත් ඒ මහතා වැඩ්දුරටත් පැවසීය.

No photo description available.

Read more

Local News