ඉරුදින ප්‍රහාරයේ බෝම්බකරුවෙකුගේ පියා තවදුරටත් රිමාන්ඩ්

Share

ඉරුදින කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ අලව්දීන් අහමඩ් මුවාර් නමැති මරාගෙන මැරෙන බෝම්බකරුගේ පියා ලබන 02 වනදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළේය.

 

මෙම පැමිණිල්ල අද (20) කැඳවනු ලැබූ අවස්ථාවේ දී කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා විසින් එම නියෝගය කරනු ලැබීය.

කොච්චිකඩේ දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරුගේ පියා වන අහමඩ් ලෙබ්බේ අලව්දීන් නැමැත්තා මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී.

එම සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවල ප්‍රගතිය සලකා බැලීමෙන් පසුව අදාළ සැකකරු තවදුරටත් ලබන 02 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියම කළේය.

එදින ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසද මහෙස්ත්‍රාත්වරයා බන්ධනාගාර බලධාරීන්ට නියෝග කර තිබේ.

Read more

Local News