උඩරට හා දෙනුවර මැණිකේ දුම්රියන් යළි ධාවනයට එක් කෙරේ

Share

අද(25) දිනයේ සිට උඩරට මැණිකේ හා දෙනුවර මැණිකේ දුම්රියන් යළි ධාවනයට එක් කර ඇත.

 

පොඩි මැණිකේ දුම්රිය පසුගිය සතියේ සිට ධාවනයට එක් වු බව මධ්‍යම පළාත් දුම්රිය ප්‍රවාහන අධිකාරි, ආනන්ද කරුණාරත්න මහතා පැවසීය.

කොළඹ – කොටුව සිට දිනපතා දහවල් 12.40ට නානුඔය දක්වා සෙංකඩගල මැණික් නමින් නව දුම්රියක් ධාවනයට එක්කර ඇති අතර එම දුම්රිය දිනපතා රාත්‍රී 8.20ට හැටන් දුම්රිය ස්ථානයට ළඟා වන අතර, එම දුම්රිය පසුදින අලුයම නානුඔය දුම්රිය ස්ථානයෙන් කොළඹ – කොටුව දක්වා ධාවනය වීමට නියමිත බව හැටන් දුම්රිය ස්ථානාධිපතිවරයා සඳහන් කරයි.

Read more

Local News