O/L විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂකවරුන් සඳහා අයදුම්පත් කැඳවයි

Share

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂකවරුන් තෝරා ගැනීම සඳහා අයදුම් පත්‍ර කැඳවීම ආරම්භකර තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

 

ඒ අනුව www.doenets.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ඊට අදාළ අයදුම් පත්‍ර සම්පූර්ණ කළ හැකි අතර අයදුම්පත්‍ර සම්පුර්ණකර අනතුරුව එහි මුද්‍රිත පිටපත විදුහල්පතිවරයාගේ නිර්දේශය සමග පෙබරවාරි 03වන දිනට පෙර විභාග දෙපාර්තමේන්තුවට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතු බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු 0112 78 56 33, 0112 78 56 62 හෝ 0112 78 52 16 යන දුරකථන අංක ඇමතීමෙන් ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Read more

Local News