18වැනි අන්තර්ජාතික ඡායාරූප ප්‍රදර්ශන අද සිට ඇරඹේ

Share

ලංකා ජාතික ඡායාරූප කලා සංගමය සංවිධානය කරන 18 වන අන්තර්ජාතික ඡායාරූප ප්‍රදර්ශනය අද සිට 15 දින සිට කොළඹ දී ආරම්භ වෙයි.

සැප්තැම්බර් මස 15 16 හා 17 දිනවල කොළඹ -7 ජේ. ඩී. ඒ. පෙරේරා කලාගාරයේ දී පැවැත්වීමට නියමිත එහි සමාරම්භක උත්සවය  ප්‍රවීණ සංගීතවේදිනී විශාරද නන්දා මාලිනී මහත්මියගේ ප්‍රධානත්වයෙන් මහාචාර්ය සෝමරත්න බාලසූරිය  මහතාගේ සහ කලාකීර්ති එඩ්වින් ආරියදාස මහතාගේ ගෞරවනීය සහභාගිත්වයෙන් පැවැත්වීමට ද කටයුතු යොදා ඇත.

ලංකා ජාතික ඡායාරූප කලා සංගමය 1950 වෂර්යේ දී ආරම්භ කරන ලද දේශීය ස්වේච්ඡා සංවිධානයකි. ලංකාව තුළඡායාරූප ශිල්පය අධ්‍යාපනික විෂයයක්) කලාත්මක මාධ්‍යයක් සහ වෘත්තියක් ලෙස ප්‍රචලිත කිරීම අරමුණු කොටගෙනපිහිටුවන ලද මෙම සංවිධානය දේශයේ දූ දරුවන් වෙත ඡායාරූප ශිල්ප දැනුම ඛෙදා දීම උදෙසා 1961 වෂයේ සිට මේ දක්වා අඛණ්ඩව විධිමත් අධ්‍යාපනික පාඨමාලාවන් නොමිලයේ පවත්වාගෙන යන අතර ප්‍රායෝගික වැඩමුළු ,සම්මන්ත්‍රණ  චාරිකා  ඡායාරූප ප්‍රදර්ශන ආදිය ද එම වැඩ සටහන යටතේ පැවැත් වේ.

රජයේ අනුමත පුණ්‍යායතනයක් සහ සංස්ථාපිත ආයතනයක් වන සංගමය ජාත්‍යන්තර ඡායාරූප කලා සම්මේලනයේ ලාංකීය නිල නියෝජිත වශයෙන් ද කටයුතු කරයි. සංගමය විසින් වාර්ෂිකව පවත්වනු ලබන ඡායාරූප ප්‍රදර්ශනය මෙම වසරේ දී ජාත්‍යන්තර තලයේ ප්‍රදර්ශනයක් ලෙස පැවැත්වීමට කටයුතු යොදා ඇත. එය සංගමය විසින් සංවිධානය කරනු ලබන 18 වන ජාත්‍යන්තර ඡායාරූප ප්‍රදර්ශනය වේ.

Read more

Local News