අංගොඩ ලොක්කාගේ මරණය තහවුරු කිරීමට ඉන්දීයාවෙන් කළ ඉල්ලීම

Share

බරපතල සංවිධානාත්මක අපරාධකරුවක් වන ඉන්දියා‌වේදී මියගිය බවට පැවසෙන මද්දුම ලසන්න චන්දන පෙරේරා හෙවත් අංගොඩ ලොක්කා සත්‍ය වශයෙන්ම ඒම පුද්ගලයාමද යන්න සනාථ කරගැනීම සඳහා ඉන්දීය ජාතික විමර්ශන ඒකකය ශ්‍රී ලංකාවේ සහාය ඉල්ලා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.

 

ඉන්දීය ජාතික විමර්ශන ඒකකය මගින් ශ්‍රී ලංකාව වෙත දන්වා ඇත්තේ අංගොඩ ලොක්කාගේ සමීපතම ඥාතියාගේ DNA සාම්පලයක් ලබාගෙන එවන ලෙසත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින බවය.

කළුතර එතනමඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසුව අංගොඩ ලොක්කා ඉන්දියාවට පළාගොස් තිබූ බවට තොරතුරු වාර්තා වූ බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

ඉකුත් වසරේ අගෝස්තු මාසයේදී ඔහු ඉන්දියාවේ කොයිම්බර්තූර් ප්‍රදේශයේදී මියගිය බවට වාර්තා වූ අතර ඒ සම්බන්ධයෙන් ඉන්දීය බලධාරීන් සනාථ කර ඇති බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read more

Local News