පිරිවෙන් සඳහා ස්වයං උෂ්නත්වමාන පිරිනැමේ

Share

නැවත ආරම්භවන පිරිවෙන් සඳහා ස්වයං උෂ්නත්වමාන ලබා දීමට කටයුතු කෙරිණි.

 

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන විහාරස්ථාන මුල්කරගෙන විශාල පිරිවෙන් රාශියක් පවත්වාගෙන යනු ලබයි.

පසුගිය කාළයේ කොවිඩ් 19 වසන්ගතය හේතුවෙන් මෙම පිරිවන් පවත්වාගෙන යාම සඳහා විශාල ගැටළුවක්ව පවති. නැවත මෙම පිරිවන් ආරම්භකර පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ දිනවල සැකසෙමින් පවති.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ වලට අනුකූලව යහපත් සෞඛ්‍ය පුරුදු පවත්වාගෙන යම්න් දෛනිකව භික්ෂුන් වහන්සේලාගේ උෂ්ණත්වය මැන බැලීම සිදුකල යුතුව ඇත.

ආරම්භ කිරීමට නියමිත පිරිවෙන්හි භික්ෂුන් වහන්සේලාගේ උෂ්ණත්වය මැන බැලීම සදහා අවශ්‍ය උෂ්ණත්වමාන රාශියක් පිරිවන්හි ප්‍රධාන අචාර්යවරු සදහා බෙදා දීම “චන්න ජයසුමන” පදනමින් පසුගියදා අනුරාධපුරයේදි සිදුවිය.

Read more

Local News