මිනිසුන්ටත් ආසාදනය විය හැකි නව කුරුළු උණ වෛරසයක්

Share

H5N8 නම් නව කුරුළු උණ වෛරසයක් රුසියාවෙන් හමුවි තිබෙන බව රැසියානු මාධ්‍ය වාර්තා කරයි.

 

 

එම වෛසරය මිනිසුන්ට ආසාදනය වූ පළමු අවස්ථාව රුසියාවෙන් වාර්තා වෙයි.

ඒ අනුව මේ වනවිට රුසියාවේ කුකුළු කම්හලක කම්කරුවන් 7කට H5N8 වෛසරය ආසාදනය වී ඇත.

වෛරසය ආසාදනය වූ පුද්ගලයින් හත් දෙනා මේ වන විට සුවය ලබමින් සිටි අතර වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා විධිමත් පියවර ගෙන ඇති බව රුසියාව පවසයි.

නිසි ලෙස පිසින ලද මස් ආශ්‍රිත ආහාර ආරක්ෂිත යැයි සැලකුව ද කුකුළු මස් ආශ්‍රිත නිෂ්පාදන සම්බන්ධව මේ වනවිට අනාරක්ෂිත බවක් මතුව තිබේ.

මෙම වෛරසය පිළිබදව රුසියාව, යුරෝපය, චීනය, මැදපෙරදිග සහ උතුරු අප්‍රිකාව යන රටවල්හි වාර්තා වි ඇත.

Read more

Local News