සා/පෙළ විභාග අපේක්ෂකයින්ට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

Share

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ ප්‍රධාන කාර්යාලය, ගාල්ල, කුරුණෑගල,වව්නියාව හා මඩකලපුවේ පිහිටි පළාත් කාර්යාල හෙට උදෑසන 8.30 සිට පස්වරු 1.00 දක්වා විවෘතව තැබෙන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

 

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ගේ ජාතික හැඳුනුම්පත් සකස් කිරීමේ කටයුතු සඳහා පමණක් විශේෂ සේවවක් ලෙස අදාළ කාලය තුළ එම කාර්යාල විවෘත කර තබන බව එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් කෙරේ.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා පවසන්නේ, මෙම විශේෂ සේවය ලබා ගැනීම සඳහා සිසුන් විදුහල්පති හෝ ග්‍රාම නිලධාරී විසින් සහතික කරන ලද නිසි ලෙස සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත් රැගෙන පැමිණිය යුතු බවයි.

අදාල නිවේදනය පහතින්

May be an image of text

Read more

Local News