“ඉන්වෙස්ට් ශ්‍රී ලංකා” සමුළුව අද අගමැති ප්‍රධානත්වයෙන්

Share

කොළඹ කොටස් වෙළඳපොල විසින් සංවිධානය කරන “ඉන්වෙස්ට් ශ්‍රී ලංකා” ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධන සමුළුව අද (02) සිංගප්පූරුවේ ‘ෆෝ සීසන්ස්’ හෝටලයේදී පැවැත්වේ. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.
මෙම සමුළුවට කලාපීය මුල්පෙළේ ආයෝජකයින් රැසක් සහභාගී වීමට නියමිත අතර සමුළුව මීට පෙර එක්සත් රාජධානිය, අමෙරිකා එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉන්දියාව, ස්විට්සර්ලන්තය සහ හොංකොං යන රටවල සංවිධානය කර ඇත.
2018 වසරේ ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් තැබීමත් සමග දෙරටේ ආර්ථික හා වෙළඳ සබඳතා ඉහළ තලයකට නැංවුණු අතර, ඒ ගිවිසුම ඔස්සේ ශ්‍රී ලංකාවට ලැබෙන ප්‍රතිලාභ ඉහළ නැංවීමට මෙම සමුළුව ඉවහල් වනු ඇත.

Read more

Local News