1929 ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය තවදුරටත් වැඩිදියුණු කිරීමට පියවර

Share

ළමා අපයෝජන පිළිබඳ පැමිණිලි භාරගැනීමට ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කර ඇති කඩිනම් යාන්ත්‍රණය වන ළමා දුරකථන සේවය තවදුරටත් ශක්තිමත් කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තීරණය කර තිබේ.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තුළ ළමා අපයෝජන පිළිබඳ පැමිණිලි භාරගන්නා කඩිනම් යාන්ත්‍රණය ලෙස 2010 වර්ෂයේදී ආරම්භ කරන ලද 1929 ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය ක්‍රියාත්මක වේ.

දවසේ පැය 24 පුරාවට සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාවන්ගෙන් ක්‍රියාත්මක වන මෙම ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය වෙත ඕනෑම ජංගම හෝ ස්ථාවර දුරකථනයකින් නොමිලේ ප්‍රවේශවීමේ හැකියාව ඇත.

ඒ අනුව නවීන තාක්ෂණය භාවිත කරමින්, 1929 ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය තවදුරටත් වැඩිදියුණු කිරීමට අපේක්ෂා කරන අතර, ඒ යටතේ දැනට පවතින දුරකථන පද්ධතිය තාක්ෂණික වශයෙන් ශක්තිමත් කෙරෙනු ඇත.

Read more

Local News