දියතලාවේ බස් රථය පිපිරීම සම්බන්ධයෙන් යුද හමුදා නිලධාරියා අත්අඩංගුවට

Share

දියතලාවේදී බස් රථයක අත්බෝම්බයක් පිපිරීමෙන් පසු ඇති වූ ගින්නෙන් 19 දෙනකු තුවාල වීම සම්බන්ධයෙන් කළ විමර්ශනවලින් පසු එම බෝම්බය රැගෙන ආ බව කියන යුද හමුදා සාමාජිකයා අද (2) අත්අඩංගුවට ගනු ලැබීය.

ජානක චන්ද්‍රසේන නම් එම බලය ලත් නිලධාරියා ලබන 16 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර අැත.

සැකකාර යුද හමුදා සාමාජිකයා හය වැනි ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉන්ජිනේරු බළකායේ මනිලන්ද කඳවුරට අනියුක්තව සේවය කරයි.

Read more

Local News