අදත් පළාත් කීපයකට සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි

Share

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (3) නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ ඌව පළාතෙත් මඩකලපුව, අම්පාර, පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බවයි.

 

උතුරු පළාතේ හැර සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

දකුණු සහ බස්නාහිර පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදැසන කාලයේදීත් වැසි බලාපොරොත්තු විය හැක.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සමහර ප්‍රදේශවල (මි.මි 75-100 පමණ) තරමක් තද වැසි බලාපොරොත්තු විය හැකි බවද සඳහන් වෙයි.

Read more

Local News