සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර වෙළඳ හා ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමට අවධානය

Share

මේ වසරේ සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තැබුණු නිදහස් වෙළඳ ගිවිසුම පදනම් කර ගනිමින්, දෙරට අතර වෙළඳ හා ආර්ථික සබඳතා ශක්තිමත් කරලීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ සිංගප්පූරු වෙළඳ හා කර්මාන්ත අමාත්‍ය එස්. ඊස්වරන් මහත්වරුන් අතර පැවති සාකච්ඡාවන්හි දී අවධාරණය කෙරිණි.

ඊයේ (02) උදෑසන සිංගප්පූරුවේ ෆෝ සීසන්ස් හෝටලයේ දී මේ සාකච්ඡාව පැවැත්විණි.

සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම ඇති කර ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ලබා දුන් දායකත්වය සිංගප්පූරු රජයේ විශේෂ පැසසුමට ලක්වන බව ද ඊස්වරන් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

 

Read more

Local News