ගිය වසරේ පින්නවල අලි අනාථාගාරයේ සංවර්ධනයට රුපියල් මිලියන 125ක්

Share

තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යංශය සඳහන් කරන්නේ 2017 වසරේ දී පින්නවල අලි අනාථාගාරයේ ප්‍රධාන සංවර්ධන කාර්යයන් වෙනුවෙන් රුපියල් මිලියන 40ක් ඒකාබද්ධ අරමුදලින් වෙන් කොට ඇති බවයි.
එමෙන් ම සත්වෝද්‍යාන අරමුදලින් ද රුපියල් මිලියන 85ක් වෙන් කොට ඇත.
ඒ අනුව පින්නවල අලි අනාථාගාරයේ සංවර්ධන වැඩකටයුතු සඳහා 2017 සැප්තැම්බර් අවසන්වන විට රජයේ ඒකාබද්ධ අරමුදලින් රුපියල් මිලියන 10.89ක් සහ සත්වෝද්‍යාන සංවර්ධන හා සුබ සාධක අරමුදලින් රුපියල් මිලියන 16.17ක් වැය කොට ඇත.

Read more

Local News