90වන ඔස්කාර් සම්මාන උළෙල

Share

ලෝක සිනමාවේ මහා මංගල්‍යය ලෙස සැලකෙන ඔස්කාර් සම්මාන උළෙලේ 90වන සම්මාන ප්‍රදානය මේ වනවිට ආරම්භ වී තිබේ.

මෙම උළෙල ලොස්ඇන්ජලීස් නුවර හොලිවුඩ් පුරවරයේ ඩොල්බි රඟහලේදී පැවැත්වෙයි.

මෙම සම්මාන උළෙලේ හොඳම නළුවා සම්මානය ගැරී ඕල්ඩ්මන් හිමිකරගෙන ඇත. ඒ ඩාකස්ට් අවර් චිත්‍රපටය වෙනුවෙන්.

හොඳම නිලිය සම්මානය ප්‍රාම්සස් මැක් ඩෝමන් විසින් හිමිකර ගනු ලැබුවේ ත්‍රී බිල්බෝඞ්ස් අවුට් සයිඩ් එබින් මිසොරි චිත්‍රපටය වෙනුවෙනි.

ද ෂේප් ඔෆ් වෝටර් චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ගිලමෝ ඩෙල්ටෝරෝ හොඳම අධ්‍යක්‍ෂවරයාට හිමි සම්මානය දිනාගනු ලැබීය.

Read more

Local News