සෞදි අරාබියේ කාන්තාවන් පිළිබඳව පවතින නීති රීති ක්‍රම ක්‍රමයෙන් ලිහිල්වෙයි

Share

සෞදි අරාබියේ කාන්තාවන් පිළිබඳව පවතින නීති රීති ක්‍රම ක්‍රමයෙන් ලිහිල් වෙමින් පවතින බවට තවත් උදාහරණයක් එක් කරමින් කාන්තා මැරතන් තරගයක් පැවැත්වීමට එරට කටයුතු කර තිබුණි. ඒ සඳහා සහභාගි වීම සඳහා තරගකාරියන් සියයකට වැඩි පිරිසක් අල්- අෂාර් පළාතට රැස්ව සිටි බව වාර්තා වේ.

තරග සංවිධායකයන් පවසන්නේ ” නිරෝගි ජීවිතයකට ක්‍රීඩාව අවශ්‍යයයි” සංකල්පය පෙරදැරි කර ගෙන මෙම තරගය සංවිධානය කළ බවයි.

මේ අතර සෞදි අරාබියේ පළමු කාන්තා බස් රියදුරුවරිය පිළිබඳව ද පසුගිය දා විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

දිළිඳු පවුලකින් පැවත එන සාලිහා නම් ඇය අසිර් ප්‍රදේශයේ සිට පාසැල් ශිෂ්‍යාවන් බස් රථයකින් ප්‍රවාහනය කරන බව වාර්තා වේ.

Read more

Local News