දිස්ත්‍රික්ක කිහිපයක සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි

Share

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (07) නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ ඉදිරි දිනවල දී විශේෂයෙන් 09 වනදා සිට නැවතත් වැසි සහිත කාලපරිච්ඡේදයක් අපේක්ෂා කරන බවයි.

සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී.

දිවයිනේ සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read more

Local News