ඉහළ වාණිජ වටිනාකමක් සහිත විසිතුරු මසුන් හා ජලජ පැළෑටි වගාව සඳහා විශේෂ පුහුණු වැඩපිළිවෙළක්

Share

ශ්‍රී ලංකාවේ විසිතුරු මත්ස්‍ය වගාව හා ජලජ පැළෑටි වගාව සඳහා අන්තර්ජාතිකව ඉහළ ඉල්ලුමක් පවතී.

ඉහළ වාණිජ වටිනාකමක් සහිත විසිතුරු මසුන් හා ජලජ පැළෑටි වගාව සඳහා විශේෂ පුහුණු වැඩපිළිවෙළක් නාරා ආයතනය විසින් ආරම්භ කර තිබේ.

එම වැඩසටහන යටතේ පුහුණුව ලැබූ 43කට තම ජීවනෝපාය සංවර්ධනය සඳහා මෙන්ම ඉහළ වාණිජ වටිනාකමක් සහිත විසිතුරු මසුන් හා ජලජ පැළෑටි වගාව ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය තාක්ෂණික උපකරණ කට්ටල බෙදාදීමට නාරා ආයතනය විසින් පියවර ගනු ලැබීය.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උපකරණ කට්ටල බෙදා දෙනු ලැබීය. එම එක් කට්ටලයක වටිනාකම රු. ලක්ෂ 05කි.

එමෙන්ම දුම් ගැසූ මසුන් නිපදවීම සඳහා යොදා ගන්නා විශේෂ උදුන් 05ක් ද ප්‍රතිලාබීන් අතරේ බෙදා දෙනු ලැබීය. මෙම නව උදුන් විශේෂය ද නාරා ආයතනයේ පර්යේෂණ මත නිපදවන ලද්දකි. එක් උදුනකින් දිනකට දුම් ගැසු මසුන් කිලෝ ග්‍රෑම් 2000ක් පමණ නිපදවිය හැකිය.

Read more

Local News