සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘති පිළිබද ජාතික සමුළුවක් සෞඛ්‍ය අැමති ප්‍රධානත්වයෙන්

Share

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ මෑත කාලීන සෞඛ්‍ය සංවර්ධන ක්‍රියාවලියට මුලපිරීම පිළිබද ජාතික සමුළුව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට දින (09) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වෙයි.

සෑම වසරක දීම සෞඛ්‍ය අමාත්‍යාංශය විවිධාකාර ව්‍යාපෘති සදහා රුපියල් බිලියන 100 ක පමණ මුදලක් වැය කරන අතර, එම ව්‍යාපෘතිවල තොරතුරු ජනතාවට නිවැරදි ආකාරයෙන් නොලැබීම පිළිබදව අවධානය යොමු කරමින් මෙම සමුලුව පැවැත්වෙයි.

ජනතාවට නිසි පරිදි තොරතුරු ලැබීමෙන් අමාත්‍යාංශය සමග විශ්වාසවන්තභාවයක් මතුවන අතර, එමගින් විධිමත් සෞඛ්‍ය සේවාවක් ලබාදීමට හැකියාව ලැබෙනු ඇත. ඒ අනුව 2015 වසරේ සිට මේ දක්වා සිදු කළ විවිධ සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘති පිළිබදව ජනතාව මෙහිදී දැනුවත් කිරීමට නියමිතය.

Read more

Local News