සෞඛ්‍යට හානිකර මධ්‍යසාර භාවිතය ඉහළයි – රජයේ අරමුණ මධ්‍යසාර භාවිතය අඩු කිරීමයි

Share

සුරාබදු (සංශෝධන) පනත් කෙටුම්පත, මුදල් පනත යටතේ නියෝගයක් සහ සුරාබදු ආඥා පනත යටතේ නිවේදනයක් අද (8) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගත් අතර විවාදය ආරම්භ කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පැවසුවේ,

ඉන්දියාවේ හා තායිලන්තය ලංකාවට වඩා ශුද්ධ මධ්‍යසාරය භාවිතා වෙනවා. රටේ අධිසැර මධ්‍යසාරය භාවිතය වැඩියි. නීත්‍යාණුකූල නොවන, සෞඛ්‍ය හානිකර මධ්‍යසාර භාවිතය ඉහළයි. පුද්ගල සෞඛ්‍යයට හානී වෙනවා. සෞඛ්‍ය
වියදමත් ඉහළට යමින් පවතිනවා. එය අඩු කිරීමයි අපේ ඉලක්කය. අපේ අරමුණ මධ්‍යසාර භාවිතය අඩු කිරීමයි. අපේ රජය සෑමවිටම පෙනී සිටින්නේ කාන්තා සම අයිතිය ලබාදීමටයි. අද ලෝක කාන්තා දිනයයි. පුද්ගයකුගේ මතයක් රජයේ මතයකින් පලනය කළ නොහැකියි. රජයේ අරමුණ මධ්‍යසාර භාවිතය අවම කිරීමයි.

රජයකට බදු හරහා පමණක් වෙනස් කිරීම් කරන්න නොහැකියි. බදුවලින් වියදම වැඩි කළත් හානිය වෙන්නේ පවුලටයි. මධ්‍යසාර අඩු කිරීම ඒ නිසා අත්‍යවශ්‍යයි. එය සිදු කළ හැක්කේ සමාජය විසින්මයි. වගකීම තිබෙන්නේ සමාජයට හා ආගමික නායකයින්ටයි. රජය ඒ සඳහා දායකත්වය දැක්වීමට සූදානම් බවද රාජ්‍ය අමාත්‍යවරය පැවසීය.

Read more

Local News