සිනමා ශාලා ඩිජිටල් කිරීමේ වැඩපිළිවෙලක් – අමාත්‍ය ගයන්ත කරුණාතිලක

Share

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඊයේ (8) පාර්ලිමේන්තුවේ දී පැවසුවේ,

දිවයිනපුරා පිහිටි සිනමා ශාලා ඩිජිටල් කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි. මේ සඳහා ජාතික ප්‍රතිපත්තියක් යටතේ ක්‍රිය කිරීමේ අවශ්‍යතාවය අමාත්‍යවරය පෙන්වා දුන්නේ ය.

දේශීය චිත්‍රපට සඳහා නව තාක්ෂණය හඳුන්වාදීමට ක්‍රියාකර ඇත. මෙරට සිනමා ශාලා 173ක් ඇති අතර ඉන් 117ක් ඩිජිටල්කරණයට පරිවර්ථනය කළ යුතුව ඇත. එක් සිනමා ශාලාවක් ඩිජිටල්කරණය සඳහා වැයවන මුදල රුපියල් මිලියන 7කි. මේ සඳහා සිනමා ශාලා හිමියන්ට ණය ලබදීමට බැංකු සමඟ සාකච්ඡා කරන බව අමාත්‍යවරයා පැවසීය.

Read more

Local News