මහනුවර ප්‍රදේශයේ ඇති වූ සිදුවීම් පිටුපස සිටින අන්තවාදී කණ්ඩායම් සොයා බැලිමට ජනාධිපති කොමිෂමක්

Share

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද (9) පාර්ලිමේන්තුවේ දී පැවසුවේ,

මහනුවර ප්‍රදේශයේ ඇති වූ සිදුවීම් පිටුපස සිටින අන්තවාදී කණ්ඩායම් කවුරුන්දැයි සොයා බැලිය යුතු බවත් මේ සම්බන්ධයෙන් සොයාබැලීමට ජනාධිපති කොමිෂමක් පත් කරන ලෙසයි.

රටේ අන්තර්ජාලය හරහා වේගයෙන් බොරු ප්‍රචාරය වෙනවා. සාමාජ මාධ්‍ය හරහා ඕන දෙයක් කියන්න පුළුවන්. මේ සමාජ මාධ්‍ය වහන්න සිදු වුණා. බොරු ප්‍රචාර නැවතුණා. අද වෙනකොට සමතයකට පත්වෙමින් තිබෙනවා.

සිද්ධිය පිටුපස සිටින අන්තවාදී කණ්ඩයම් කවුද කියලා සොයන්න අවශ්‍යයි. ස්වාධීනව මේ ගැන සොයා බලන්න  ජනාධිපති කොමිෂමක් පත් කරන්න. මේ සිද්ධිවල අනුබල දෙන අන්තවාදි කණ්ඩායම් ක්‍රියාත්මක වන්නේ
කොහොමද කියලා කොමිෂමෙන් සොයා බලන්න ඕන. වගකීමෙන් සමාජ වෙබ් අඩවිවලට තොරතුරු සැපයිය යුතුයි. සාමාන්‍ය ජනතාවට සාධාරණ බයක් ඇතිවෙලා තිබෙනවා. අන්තවාදී කණ්ඩායම් වලට එරෙහිව තදින් නීතිය
ක්‍රියාත්මක කළ යුතුයි. මෙවැනි සිදුවීම් ඇතිවීම නතර කළ යුතු බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

Read more

Local News