ඉන්දියාවේ කර්මාන්ත ශාලාවක පිපිරීමකින් 3ක් මරුට

Share

ඉන්දියාවේ මහාරාෂ්ටයේ පල්ගා ප්‍රදේශයේ රසායන කර්මාන්ත ශාලාවක සිදු වූ පිපිරීමකින් තුවාල ලබා බරපතල තත්ත්වයේ සිටි තිදෙනෙකු මරණයට පත්ව අැතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

පල්ගාහි පොලීසිය සදහන් කළේ ඊයේ රාත්‍රී 11.15ට පමණ මෙම පිපිරීම සිදුව අැති අතර පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා අැති බවයි.

අදාළ රසායන කර්මාන්ත ශාලාව තුළ සිදුවූ පිපිරීමත් සමග ඇති වූ ගින්න නිවා දැමීම සඳහා එරට ගිනි නිවීම් හමුදාව කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read more

Local News