අද සිට සමාජ මාධ්‍ය ජාල පහසුකම් යථා තත්ත්වයට

Share

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (09) දින ප්‍රකාශ කළේ ෆේස්බුක්, වට්ස් ඇප්, වයිබර් ඇතුළු සමාජ මාධ්‍ය ජාල පහසුකම් අවහිරයට ලක් කළේ පැය 72කට බවත් අද (10) දින වනවිට එම පහසුකම යළි යථා තත්ත්වයට පත්වන බවයි.

රටේ උද්ගත වාතාවරණය හමුවේ සමාජ මාධ්‍ය අවහිර කිරීමට සිදු වූ බව ද රාජ්‍ය ඇමැතිවරයා පැවැසීය. ෆේස් බුක්, වට්ස් ඇප් ආදිය භාවිත කරමින් ඉන්දියාවේ සිදු වූ ගැටුම් මෙරට ගැටුම් බවට හුවා දක්වමින් ප්‍රචාර ගෙනගිය වෙබ් අඩවි තිබූ බවත් ඇමැතිවරයා පැවැසීය. මේ වෙබ් අඩවි සමාජ ජාල භාවිත කරමින් ජාතිවාදය වැපුරූ පුද්ගලයන් කවුරුන්ද යන්න හෙළි කිරීමට කොමිසමක් පත්කරන ලෙස ද ඇමැතිවරයා ඉල්ලා සිටියේය.

Read more

Local News