මහනුවර සාමකාමී වාතාවරණයක් – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Share

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා පැවසුවේ මහනුවර ප්‍රදේශයේ මේ වනවිට පවතින ආරක්ෂිත තත්ත්වය සැලකිල්ලට ගෙන ඇදිරි නීතිය නොපැනවීමට තීරණය කර තිබෙන බවයි.

මහනුවර ප්‍රදේශය තුළ මේ වනවිට සම්පූර්ණයෙන් ම සාමකාමී වාතාවරණයක් ගොඩනැගී තිබෙනවා. මෙම ආරක්ෂිත තත්ත්වය සැළකිල්ලට ගැනීමෙන් ඇදිරි නීතිය නොපැනවීමට තීරණය කර තිබෙනවා. සිදු වූ සාපරාධි ක්‍රියා විමර්ශන කටයුතු පොලිස් කණ්ඩායම් කීපයක් විසින් ම මේ වනවිට සිදු කරමින් පවතින බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.

Read more

Local News