බංග්ලාදේශ කණ්ඩායමට කඩුලු පහක ජයක්

Share

නිදහස් කුසලාන විස්සයි විස්ස තුන්කොන් තරගාවලීයේ බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තෙවැනි තරඟය ඊයේ (10) පැවැත්විණි.

ඒ අනුුව ප්‍රථමයෙන්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ ක්‍රීඩකයින් 6 දෙනෙකු දැවී ලකුණු 214ක් රැස් කළේය.

අනතුරුව 215ක ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 19.4කදී ක්‍රීඩකයින් පස් දෙනෙකු පමණක් දැවී එම ලකුණු ප්‍රමාණය රැස් කරමින් කඩුලු පහක ජයක් හිමි කර ගැනීමට සමත් විය.

බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ පිතිහරඹයක නිරත වු මුශ්ෆීකාර් රහීම් පන්දු 35කදි ලකුණු 72ක් නොදැවී රැස් කළේය.

Read more

Local News