ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරඟය අද

Share

නිදහස් කුසලාන තුන්කොන් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව, බංග්ලාදේශය හා ඉන්දියාව තරග එක බැගින් ජයගෙන සිටින හෙයින් කණ්ඩායම් තුනටම ඉදිරියට පැමිණීම උදෙසා විවෘත අවස්ථාවක් නිර්මාණයවී ඇත. සියලු කණ්ඩායම්වලට තවත් තරග දෙක බැගින් ඉතිරිව ඇත.

ආර්. ප්‍රේමදාස පිටියේ මෙතෙක් පැවැති විස්සයි 20 තරග 30ක් අතුරින් වැඩිම ලකුණු එකතුව පෙරේදා දිනයේ ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තා කළ බංග්ලාදේශ ක්‍රීඩකයෝ විස්මිත ජයක් ලැබීය. ඕවර් 20කදී කඩුලු 6කට ලකුණු 214ක් ලබාගත් අතර බංග්ලාදේශය පන්දු 2ක් ඉතිරිව තිබියදී කඩුලු 5කට ලකුණු 215ක් ලබා ජය වාර්තා කළේය.

නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිවුවැනි තරගය වූ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරඟය අද (12) කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ අද ආරම්භ වන අතර එයින් ජය ගන්නා කණ්ඩායම ලකුණු සටහනේ පෙරමුණට පැමිණේ. දැනට කණ්ඩායම් තුනම තරග ජයක් වෙනුවෙන් ලැබෙන ලකුණු 2 බැගින් ලබා සම මට්ටමේ සිටියද, දළ ලකුණු වේගය අනුව ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටී.

ශ්‍රී ලංකා සංචිතය: දිනේෂ් චන්දිමාල් (නායක), සුරංග ලක්මාල් (උපනායක), උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, දසුන් ශානක, කුසල් ජනිත් පෙරේරා, තිසර පෙරේරා, ජීවන් මෙන්ඩිස්, ඉසුරු උදාන, අකිල ධනංජය, අමිල අපෝන්සු, නුවන් ප්‍රදීප්, දුෂ්මන්ත චමීර, ධනංජය ද සිල්වා.

ඉන්දීය සංචිතය: රෝහිත් ෂර්මා (නායක), ශිකර් ධවාන් (උපනායක), ලෝකේෂ් රාහුල්, සුරේෂ් රයිනා, මනිෂ් පාන්ඩේ, දිනේෂ් කාර්තික්, දීපාක් හූඩා, වොෂිංටන් සුන්දර්, යුස්වෙන්දර් චාහල්, අක්සාර් පටේල්, විජේ ශංකර්, ශර්දුල් ටාකුර්, ජේදේව් උනඩ්කර්, මොහොමඩ් සිරාජ්, රිෂාබ් පාන්ට්.

Read more

Local News