පෙරියකුලම් වැවේ ඔරුවක් පෙරළී 5ක් මරුට

Share

දේව දානමය පින්කමක් සදහා සකස් කල දානය බෙදිමට නෙලුම් කොළ කැඩිමට ඊයේ (11) ඔරුවකින් පෙරියකුලම් වැව මැදට ගොස් නෙලුම් කොළ කඩද්දි ඔරුව පෙරළීමෙන් එහි සිටි පස් දෙනෙකු මියගිය බව නිලාවේලි පොලිසිය පවසයි.

මියගිය අය අතර එකම පවුලේ පියා හා දියණියක් සිටි. මියගිය සෙසු තිදෙනා ඥාති දරුවන් වන අතර ඉන් අයෙකු දියණියකි.

මියගිය අය නිලාවේලි, කොට්ඨාස අංක දෙකේ පදිංචි කරුවෝ වෙති. මෙසේ මියගියේ ධර්මලිංගම් තංගරාසා (43) හා ඔහුගේ දියණිය වන තංගරාසා සංගවි (09) නැමැති අය හා මියගිය ධර්මලිංගම් තංගරාසා නැමැති අයගේ සහෝදරයාගේ පුතුන් දෙදෙනා වන කේෂන් රාජ් (10) සුදේශන් රාජ් (07) හා ඥාති දියණියක වන එස්.ප්‍රනවි (07) යන අයයි.

Read more

Local News