නිව්යොක් නගරයේ ඊස්ට් ගංඟාවට හෙළිකොප්ටර්ක් කඩා වැටී පස් දෙනෙකු මරුට

Share

නිව්යොක් නගරයේ ඊස්ට් ගංඟාවට හෙළිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ යානයේ පුද්ගලයින් 6 දෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර දෙදෙනෙක් අනතුර සිඳු වු ස්ථානයේදීද මියගිය බවයි වාර්තා වන්නේ.

ගලවා ගැනීමේ කිමිඳුම්කරුවන් විසින් පුද්ගලයින් තිදෙනෙකු බේරාගෙන රෝහල්ගත කර ඇති අතර මොවුන් තිදෙනා රෝහල්ගත කරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්ව තිබේ.

යානයේ නියමුවා පමණක් දිවි බේරාගෙන තිබේ.

ඡායාරූපගත කිරීමක් සඳහා ගිය පිරිසක් රැගත් යානයක් මෙසේ කඩා වැටී ඇත.

අනතුරු සම්බන්ධයෙන් එරට ‍ෆෙඩරල් ගුවන් සේවා අධිකාරිය විමර්ශන ආරම්භ කර තිබේ.

Read more

Local News