නේපාලයේ කත්මණ්ඩු ගුවන්තොටුපොළේදී සිදු වූ ගුවන් අනතුරින් මගීන් 50 දෙනෙකු මරුට

Share

මගීන් 67 දෙනෙකු රැගත් බංග්ලාදේශ ගුවන් සමාගමකට අයත් ගුවන් යානයක් නේපාලයේදී අනතුරට ලක්වී තිබේ.

නේපාලයේ කත්මණ්ඩු ගුවන්තොටුපොළේදී සිදු වූ ගුවන් අනතුරින් මගීන් 50 දෙනෙකු මිය ගිය අතර තවත් 17 දෙනෙකුගේ දිවි බේරා ගැනීමට නේපාල සහන සේවා කණ්ඩායම් සමත්වී තිබේ.

යානය අනතුරට ලක්වන විට එහි මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 71 දෙනෙකු සිටි බව මේ වන විට වාර්තා වේ.

නේපාලයේ කත්මණ්ඩු ගුවන්තොටුපොළට ගොඩබෑමට යාමේදී ගුවන් යානය කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Read more

Local News